ඉන්දු-ලංකා නාවික අභ්‍යාසයට සයුර හා සාගර නෞකා ඉන්දියාවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සාගර යන නෞකාවන් ඊයේ (04)දා ත්‍රිකුණාමල වරායෙන් ඉන්දියාව බලා පිටත් විය. මෙම නෞකාවන් වරායෙන් පිටත්වීම නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ සිදු කෙරුණි.
එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සහ ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සැප්තැම්බර් මස 07 වන දින සිට 14 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. නෞකාවන්ගේ සමස්ථ කාර්යය මණ්ඩලය 368 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට නිලධාරීන් 43 දෙනෙකු සහ පුහුණු වන මධ්‍ය නිලධාරීන් 60 දෙනෙකු ද ඇතුළත් වේ.
මෙම නාවික අභ්‍යාසය මගින්, නෞකා ස්ථානගත කිරීම, සමූහයක් වශයෙන් යාත්‍රා කිරීම, පණිවිඩ හුවමාරුව, නෞකා අතර පුද්ගලයින් හා භාණ්ඩ හුවමාරු කිරීම සහ හෙලිකොප්ටර් පුහුණු අභ්‍යාස ඒකාබද්ධ ලෙස පැවැත්වීමට අපේක්ෂිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

