ආණ්ඩුව මේ වසරේදී අත්සන් කිරීමට බලාපොරොත්තු වන ඉන්දු ලංකා ගිවිසුම තුළින් ඉන්දු ලංකා භාණ්ඩ ගිවිසුමට වඩා වැඩි හානියක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.
එබැවින් ජාත්‍යන්තර වෙළෙඳාම හා වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීම කළ යුතු බවත්, ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම අත්සන් නොකළ යුතු බවත් එම සංගමය කියා සිටියේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාලාවේදී ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සහන් කෙරුණු අතර, ඒ සඳහා එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, ලේකම් වෛද්‍ය නලින්ද හේරත් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
එමෙන්ම අත්තනෝමතික තීරණවලට වඩා ප්‍රතිපත්තිගරුක තීරණවලට හිස නවන රජයක් වීමට නම් තම සංගමය ඉදිරිපත් කරන මෙම යෝජනා ක්‍රියාත්මක කරන ලෙසද ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරන බවද ඔවුහු මෙහිදී සඳහන් කළහ.