ඉන්දියාවේ අඟහරු ගවේෂණය හෙවත් පසුගිය බදාදා අඟහරු කක්ෂයට අවතීරණ වූ මංගල්යාන් චන්ද්‍රිකාව සිය ප්‍රථම ඡායාරූපය පෘථිවිය වෙත එවා තිබේ.
ඉන්දියාවෙන් වාර්තා වන ආකාරයට මේ වනවිටත් මංගල්යාන් චන්ද්‍රිකාව විසින් ගනු ලැබූ අඟහරු ග්‍රහයාගේ ඡායාරූප රැසක් එරට අභ්‍යවකාශ පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත එවා තිබේ.
ඉන්දියාව විසින් සිදුකළ මෙම අඟහරු මෙහෙයුමේ අරමුණ වූයේ අඟහරු ග්‍රහයාගේ ජීවීන්ට හිතකර පරිසරයක් පවතීද යන්න සොයා බැලීමයි.
මේ අතර, මෙම සතිය ආරම්භයේදී නාසා ආයතනයේ චන්ද්‍රිකාවක්ද අඟහරු කක්ෂයට ඇතුළු වූ අතර, එම මෙහෙයුම වෙනුවෙන් ඉන්දියාවේ මෙහෙයුම මෙන් දස ගුණයක වියදමක් ඇමෙරිකාව දැරීය.
ඒ අනුව, මෙය ඉන්දීය ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සනිටුහන් වූ අතර, එමගින් එවා ඇති ඡායාරූප ඉතාමත්ම පැහැදිලි මට්ටමේ ඡායාරූප බව ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය උපුටා දක්වමින් ද හින්දු පුවත්පතද පවසා තිබේ.