ඉන්දීය සාම සාධක හමුදාව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර හොඳ සබඳතාවක් පැවැත්වුණ බව ඉන්දීය සාම සාධක හමුදාවත් සමග ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය හමුදා සේවයෙන් විශ්රාම ගොස් සිටින මේජර් ජනරාල්වරයෙකු වෙන ශෙනෝන් සිං මහතා සඳහන් කර ඇත.
බී.බී.සී. පුවත් සේවයේ හින්දි සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.
එසේම ඒ වන විට එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව ඉන්දීය සාම සධක හමුදාවට තිබූ අවිවලට වඩා හොඳ අවි තිබුණ බවත් ඔහු මෙහිදී පවසා තිබේ.
“ අපේ විවිධ කාර්යාංශ හරහා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුහුණු කළා. ඔවුන් අපේ ආරක්ෂක කඳවුරු තුළට පැමිණියා. මෙහිදී ඔවුන් එහි පිහිටීම ගැන මනා අවබෝධයක් ලබාගත්තා. එය පසුව ඔවුන් විසින් අපට කළ පහරදීම් සඳහා ඉවහල් වුණා.”
“ඔවුන්ගේ ඉතාමත් හොඳ තත්ත්වයේ තිබුණා. ඇත්තටම කිව්වොත් ඔවුන් එන විට අපි අපේ අවි හැංගුවා මොකධ ඔවුන්ව සිනහ නොයවා සිටීම සඳහා"