ඉන්දීය සාගර ආරක්ෂක සමුළුව මේ මස 31 වැනිදා සහ සැප්තැම්බර් පළමු වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු කරන බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේය.
මෙම සමුළුවේදී ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් කලාපීය රටවල් එක්ව විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.
මෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම, අවි ආයුධ ජාවාරම තුරන් කිරීම වැනි නීතිවිරෝධී කටයුතු නැවැත්වීම පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කරන බවද අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වන බවත්, සමුළුවේ අවසානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බවද හෙතෙම පවසා සිටියේය.