ඉන්දියාවේ, ඔඩිස්සා ප්‍රාන්තයේ රෝහලක් තුළ හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
නැගෙනහිර ඉන්දියාවේ, ඔඩිස්සා ප්‍රාන්තයේ, භූබනේස්වර් නගයේ පිහිටි පෞද්ගලික රෝහලක මෙම ගින්න හටගෙන ඇති අතර රෝහලේ ඩයලයිසිස් වාට්ටුවෙන් මුලින්ම ගින්න හටගෙන ඇති බව පොලීසිය කියයි.
ඒ අනුව, රෝහලේ සිටි බොහෝ රෝගීන් අසල වෙනත් රෝහල්වලට මාරුකර යැවීමට බලධාරීන් ක්‍රියාකර තිබුණි.
ගින්න මැඬ පැවැත්වීම සඳහා සිය ගණනක ගිනි නිවන භටයන් පිරිසක් යොදවා සිටි අතර, ඔවුන් පැය කිහිපයකට පසුව ගින්න යම් පාලනයකට නතුකර ගෙන තිබූ බවද පොලීසිය කියයි.
මෙම සිදුවීම සැලවීමෙන් තමා ඉතා සංවේගයට පත්වූ බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසා සිටියි.
භූබනේස්වර් පොලිස් කොමසාරිස් පවසා සිටයේ පුද්ගල මරණ 19ක් තහවුරු කළ හැකි බවයි. එමෙන්ම තවත් පුද්ගලයන් 106 දෙනෙකු තුවාල ලබා ඇති බවත් හෙතෙම පවසයි.
කෙසේ වෙතත්, මියගිය පිරිස 23ක් බවටද කටකතා පැතිර තිබුණි. කෙසේ වෙතත්, ගින්නට හසුවූ තවත් රෝගීන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බැවින් මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බවද පොලිස් කොමසාරිස්වරයා පවසා පවසයි.