ඉන්දු - ලංකා නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ නෞකා ත්‍රිත්වයක අණදෙන නිලධාරීහු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
ඉන්දීය නාවික හමුදාවේ “කෝරා”, “කිර්පන්” හා “සාවිත්‍රි” යන නෞකාවන් හි අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් අශෝක් රාඕ, කොමාණ්ඩර් ඒබ්‍රහම් සැමුවෙල් සහ කොමාණ්ඩර් පර්ශාන්ට් නේගි මහත්වරුන් මෙලෙස නාවින හමුදාපකිවරයා හමුවුයේ ඊයේ (27) ත්‍රිකුණාමලය නාවික හමුදාපති නිල නිවසේ දීය.
අණදෙන නිලධාරීන් හා නාවික හමුදාපතිතුමන් අතර හමුවේදී දෙරටේ නාවික හමුදාවන් සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳ ව මෙන් ම ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන ඒකාබද්ධ නාවික අභ්‍යාසය පිළිබඳ ව කරුණු සාකච්ජා කෙරිණි.
දෙරටේ නාවික හමුදාවන් අතර අන්තර් සබඳතාවයන් වර්ධනය කර ගැනීම මෙන් ම කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම වෙනුවෙන් දින 6ක් පුරා පැවැත්වෙන මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කළ ඇරයුම පිළිගැනීම පිළිබඳ ව නාවික හමුදාපතිතුමන් විසින් සිය ස්තූතිය ප්‍රකාශ කරන ලදී.