ඉන්දීය නාවුක හමුදාපති අද්මිරාල් ඩී.කේ. ජෝසි වහාම ක්රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. පසුගිය මාස කිහිපය තුළදී ඉන්දීය නාවුක හමුදාවේ සිදුවූ සිදුවීම් මෙන්ම ඇතිවූ අනතුරු පිළිබඳවද වගකීම භාරගෙන නාවුක හමුදාපතිවරයා මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
1959 වසරේන් පසුව ඉන්දීය හමුදාපතිවරයෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වූ පළමු අවස්ථාවද මෙය වෙයි. අද්මිරාල්වරයාගේ ඉල්ලා අස්වීම ඉන්දිය රජය විසින් භාරගෙන තිබේ. අද්මිරාල් ජෝසි අවස්ථා කිහිපයකදී ඉන්දියාව හා ශ්රී ලංකාව අතර නාවුක හමුදා සබඳතා තරකර ගැනීම සඳහා ශ්රී ලංකාවේද සංචාරය කොට තිබේ.
ඡායාරූප 'ද හින්දු' පුවත් සේවය ඇසුරෙනි