යාපනය, පේදුරුතුඩුව මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයන් 26 දෙනෙකු සහ ධීවර යාත්රා 3ක් අද (21දා) උදෑසන පේදුරුතුඩුව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙතට භාර දී ඇත.
යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ, පෙරේදා 20 දා රාත්රියේ පේදුරු තුඩුව මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණි මෙම ඉන්දීය ධීවරයන් පිරිස තහනම් දැල් ආම්පන්නද සහිතව මසුන් ඇල්ලීමේ යෙදී සිටි ඇති බවයි.