නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ධීවරයන් 24 දෙනෙකු අත්අංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා පැවසීය.
තලෙයි මන්නාරමට උතුරින් පිහිටි ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් සතුව පැවැති යාත්‍රා පහක්ද අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පිරිස තලෙයිමන්නාරම භාර ධීවර පරීක්ෂකවරයා වෙත භාරදුන් බවද කෝසල වර්ණකුලසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.