මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු හා ඔවුන්ට අයත් යාත්‍රා 8 ක් ඊයේ (03 දා) රාත්රියේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් මෙම ධීවරයන් කල්පිටිය ධීවර වරායට රැගෙන ආ බවත්, ඔවුන්ව යාපනය ප්‍රදේශය භාර ධීවර පරීක්ෂක වෙත භාරදීමට කටයුතු කරමින් සිටින බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා පැවසීය.