තලෙයිමන්නාරම් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු සහ බෝට්ටු 3ක් ඊයේ (01දා) සවස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම් ධීවර පරික්ෂක කාර්යාලය කියයි.
මෙම ඉන්දීය ධීවරයින් පිරිස තහනම් දැල් ආම්පන්නද සහිතව මසුන් ඇල්ලීමේ කාර්යේ යෙදී සිටිය බවද එම කාර්යාලය සඳහන් කරයි.