ඉන්දියාවේ 68වැනි නිදහස් දිනය වෙනුවෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි නිදහස් කරනු ලැබූ ඉන්දීය ධීවරයින් 94දෙනා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට භාරදී ඇති බව ද හින්දු පුවත් සේවය පැවැසීය.
අන්තර්ජාතික මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙසේ ඉන්දීය ධීරයින් ඉන්දියාව වෙත නිලවශයෙන් භාරදී තිබේ. ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව ඉන්දීය ධීවරයින් 225ක් නිදහස් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ.
ද හින්දු ඇසුරෙනි