ශ්රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 20කු අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව ඊයේ (05දා) රාත්රියේ සමත්වී තිබේ.
ඔවුන් පැමිණි යාත්රා 4ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම ධිවරයින් පිරිස හා යාත්රා තලෙයි මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලට ලබා දීමට නාවික හමුදාව කටයුතු කොට තිබේ.