මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 38 දෙනෙකු නාවික හමුදාව විසින් අද අලූයම අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් පැමිණි ධීවර යාත්රා 7 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඉන් යාත්රා දෙකක් යාපනයට උතුරු මුහුදු තීරයේදී සහ තවත් යාත්රා දෙකක් ඩෙල්ෆ් දූපතට දකුණු මුහුදු තීරයේදීත් අත්අඩංගුවට ගෙන තිබේ. ඉතිරි යාත්රා නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ තලෙයිමන්නාරමට ආසන්න මුහුදු සීමාවේදීය.
ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මොවුන් යාපනය සහ තලෙයිමන්නාරම ධීවර පරීක්ෂක කාර්යාල වෙත යොමුකර ඇති බව නාවික හමුදාව පවසයි.