ඉන්දියාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් අට දෙනෙක්ට ශ්රී ලංකා නාවික හමුදාව පහරදී ඇතැයි‘ද හින්දු’ පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දියාවට අයත් ධනුෂ්කෝඩ් වෙරළ තීරයේදී මෙම පහරදීම සිදුව ඇති බව ඉන්දීය ධීවර දෙපාර්තමේන්තුවේ වාර්තා උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත් සේවය තවදුරටත් තොරතුරු වාර්තා කරනු ලබයි. පහරකෑමට ලක්ව ඇති ධීවරයින් අතරින් සිවුදෙනෙකුගේ හිස් වලට බරපතළ තුවාල සිදුව ඇති බවත්, ධීවරයින් සියලුදෙනාම රෝහල්ගතව ප්රතිකාර ලබන බවත් එම පුවත් සේවය වාර්තා කරනු ලැබීය.
කෙසේ නමුත් පසුගිය සෙනසුරාදා නීති විරෝධී අයුරින් ශ්රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින්ට සිසිල් පැන් වලින් හා රසකැවිලි වලින් සංග්රහ කිරීමටත් ශ්රී ලංකා නාවික හමුදාව කටයුතු කළේය.