ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමට සම්බන්ධ වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය නියම වූ ඉන්දීය ධීවරයින් පස් දෙනා බේරා ගැනීමට හැකිවෙතැයි තමිල්නාඩු මහ ඇමති ඕ. පනීර්සෙල්වම් අදාළ පවුල් සඳහා තහවුරුවක් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මරණීය දණ්ඩනය නියමවූ ඉන්දීය ජාතිකයින්ගේ පවුල්වල සාමාජිකයින් හා පනීර්සෙල්වම් අතර ඊයේ (03දා) චෙන්නායිහිදී පැවැති සාකච්ඡාවකදී මෙම තහවුරුව තමිල්නාඩු මහ ඇමතිවිසින් ලබාදී ඇත.
කොළඹ මහාධිකරණය විසින් පසුගිය බ්‍රහස්පතින්දා ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමට සම්බන්ධව චූදිතයන් වූ ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකුට හා ශ්‍රී ලංකා ජාතිකයන් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දුන්නේය.
පී.ටී.අයි. ඇසුරෙනි