තිලප්පලේ ප්රදේශයේ ගෝනපුරම්හිදී ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තිලප්පලේ පොලීසිය කටයුතු කොට තිබේ. වලංගු බලපත්රයක් නොමැතිව මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනා රෙදි විකුණමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.
තිලප්පලේ පොලීසියට ලැබුණු තොරතුරක් මත ඉන්දීය ජාතිකයන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සැකකරුවන් අද (16දා) මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණට වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.