දූෂණ විරෝධි දිනය වෙනුවෙන් ශ්රී ලංකාවේදි ලබන මස 09 දා පැවැත්වෙන දූෂණ විරෝධි කටයුතු කිහිපයක් සඳහා ලංකාවට පැමිණෙන ලෙසට ඉන්දීයාවේ දූෂණ විරෝධි පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණේ ආරාධනාවක් කර තිබේ.
මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම ආරාධනාව කර ඇත. ඉන්දියාවේ දූෂණ විරෝධි පක්ෂය නොහොත් ආම් ආදාම් පක්ෂයේ නායකයා වන්නේ අරවින්ද් කෙජිරිවාල් මහතාය.