ඉන්දියානු රජයේ අධාර මත වතු ආශ්රිත පාසල් 31ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
පාසල් 31ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 395ක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම මුදල්වලින් රුපියල් මිලියන 95ක මුදලක් වෙන් කර තිබෙන්නේ කඳුකරයේ පැරණිතම පාසලක් ලෙස සැලකෙන පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය මහා විද්‍යාලය සංවර්ධනය කිරීම සඳහා බවද අමාත්‍යාංශය කියා සිටියි.
අදාළ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා වන මිල ගණන් කැඳවීම ආරම්භ කර තිබෙන බවත්, එම වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමටද සැලසුම් කර තිබෙන බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉතිරි පාසල් 30 සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.