ඉන්දියාවේ වරුණ නොමිලේම ශ්‍රී ලංකාවට
ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාව කරනු ලැබූ ඉල්ලීමක් අනුව, ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් භාවිත කරන ලද %වරුණ^ මුර සංචාරක නෞකාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබේ.
මුදල් අය කිරීමකින් තොරව එම නෞකාව ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙයි.
දළ වශයෙන් වර්ග කිලෝමීටර් 517,000ක් වන ශ්‍රී ලංකාවට අයත් සමුද්‍ර තීරයෙහි ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ කාර්යයට මෙම නෞකාව යොදා ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළෙන් නාවික සැතපුම් පහකට ඔබ්බෙන්, වඩාත් කාර්යබහුල ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගයක් පැවතීමත්, සමුද්‍රීය ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, මංකොල්ලකෑම්, නීතිවිරෝධී මසුන් ඇල්ලීම් ආදී අභියෝග ඉහළ යාමත් හේතුවෙන් වෙරළාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය යාත්‍රා සංඛ්‍යාව ඉහළ නැංවීම අවශ්‍ය වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


