ඉන්දියාවේ ස්ථාන දෙකකදී ගොඩනැගිලි කඩා වැටීමකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් සුන්බුන්වලට හිරවී සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඉන්දියාවේ දිල්ලි අගනුවර සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමයින් 5 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඉන් පැය කිහිපයකට පසු චෙන්නායි නුවර අධික වර්ෂාවත් සමග ඉදිකරමින් පැවති මහල් 12ක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් ඒ තුළ සිරවී සිටින බව පැවසෙයි.
පසුගිය කාලය තුළ ඉන්දියාවේ මෙවැනි ගොඩනැගිලි කඩා වැටීම්වල ඉහළ ගොස් ඇති අතර, අනාරක්ෂිත ඉදිකිරීම් හා නියම අමුද්‍රව්‍ය භාවිත නොකිරීම මීට හේතුව බවට චෝදනා නැගෙයි.