බාලදක්ෂ ව්‍යාපාරය හරහා යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසා කරනු ලබන මෙහෙවර අගයා ඉන්දියානු බාලදක්ෂ සංගමය විසින් ප්රදානය කරනු ලබන උසස්ම සම්මානය වන ‘රිදී හස්තියා සම්මානය’ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් සම්මානිත මහාචාර්ය නිමල් ද සිල්වා මහතාට පසුගියදා (08දා) රාස්ත්රපති සම්මාන උළෙලේදී ඉන්දියානු ජනාධිපති පුනාබ් මුකර්ජි මහතා අතින් ප්රදානය කරන ලදී.
වසර 103 ක ශ්‍රී ලාංකේය බාලදක්ෂ ඉතිහාසයේ මෙම සම්මානයෙන් පිදුම් ලැබෙන ප්‍රථම ශ්‍රී ලාංකිකයාද වන්නේ මහාචාර්ය නිමල් ද සිල්වා මහතා වේ. ඔහු ඊයේ (10දා) රාත්රියේදී දිවයිනට පැමිණියේය.
මේ අවස්ථාවට ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් සරත් ගොඩකන්ද ආරච්චි, සහාය ප්‍රධාන කොමසාරිස්වරුන් වන එස්.ඒ. අමරසිංහ, සරත් මාතරආරච්චි, රොහාන් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගී වූහ.