ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා වායු සමනය කරන ලද මගී මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල 06ක් මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීමට නියමිතය.