නීති විරෝධී ලෙස ඉන්දියාවට අයත් මුහුදු තීරයේදී මසුන් අල්ලමින් සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක බලාකායේ අත්අඩංගුවට පත්වූ ශ්රී ලාංකික ධීවරයින් 59 දෙනා එළඹෙන 10 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් ගතකිරීමට චෙන්නායි මහේස්ත්රාත් අධිකරණය තීරණය කර ඇත. මෙම ධීවරයින් 59 දෙනා පසුගිය වසරේ සැප්තැම්බර්- නොවැම්බර් කාලසීමාව තුළ ඉන්දීය වෙරළාක්ෂක බලකායේ අත්අඩංගුවට පත්විය.
මේ අතර ශ්රී ලංකා නාවුක හමුදාව විසින් පසුගිය දෙවැනිදා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 25 දෙනාගෙන් පුත්තලම විජය නාවුක හමුදා කඳවුරේ රදවා සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු අද (04) පුත්තලම අධිකරණයට භාරදුන් අවස්තාවේදි ඔවුන්ද එළඹෙන 6 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩ බලන විනිසරු ෆයිල් අබුතාහිර් මහතා නියෝග කරන ලදී.


