අකුණුසැර වැදීම හේතුවෙන් ඉන්දියාවේ බිහාර්, ජහ්ර්ඛාන්ද් සහ මධ්‍යප්‍රදේශ් යන ප්‍රාන්ත තුළ පුද්ගලයන් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෝසම් වර්ෂා ආරම්භ වීමත් සමග මෙවැනි අකුණු අනතුරු ඉන්දියාවේ බහුලව දැකිය හැකි අතර, මෙසේ මියගිය පිරිසෙන් වැඩි දෙනා ඊයේ (21දා) තම ගොවි බිම්වල ගොවිතැන් කරමින් සිටියදී අකුණුවලට ලක්ව තිබේ.
මියගිය අය අතරින් 53 නෙක් බිහාර් ප්‍රාන්තයේදීද, පුද්ගලයන් 10 නෙක් නැගෙනහිර ප්‍රාන්තයක් වූ ජහ්ර්ඛාන්ද්වලදීද, තවත් 16 නෙක් මධ්‍යප්‍රදේශ් ප්‍රාන්තයේදීද ජීවිතක්ෂයට පත්ව ඇති බව එම වාර්තා පවසයි.
2005 වසරේ සිට ඉන්දියාවේ නිල දත්ත සංඛ්‍යාලේඛනවලට අනුව සෑම වසරකදීම අකුණු අනතුරුවලින් පුද්ගලයන් 2,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වේ.
ඉන්දියාවේ වාර්ෂික වර්ෂාපතනයෙන් 80% ක් පමණම මෝසම් වැසි සමයත් සමග ඇද හැලෙන අතර, එම වැසි සමය ජූනි සිට සැප්තැම්බර් දක්වා කාලය පුරා දිවයයි.