ලොව ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයක් ඉලක්ක කරමින් සිකුරාදා (21දා) එල්ල වූ සයිබර් ප්‍රහාරය සඳහා නිවෙස්වල අන්තර්ජාලය හා සම්බන්ධ සී.සී.ටී.වී. කැමරා සහ මුද්‍රණ යන්ත්‍ර ආදී ස්මාට් උපකරණ හැකරුවරුන් විසින් යොදාගෙන ඇති බව සයිබර් ආරක්ෂණ බලධාරීහු පවසති.
Twitter, Spotify, සහ Reddit යන වෙබ් අඩවි මෙම සයිබර් ප්‍රහාරයට සෘජුවම බලපෑ අතර, එම සයිබර් ප්‍රහාරයත් සමග මෙම වෙබ් අඩවි වෙත පිවිසීමට ඇතැම් පරිශීලකයන්ට සිකුරාදා දිනයේදී නොහැකි විය.
ඉන්ටර්නෙට් ඔෆ් තිංග්ස් යන නවතම තාක්ෂණික ක්‍රමවේදයේදී නිවසේ ඇති ස්මාට් උපාංග කිහිපයක් එකිනෙක සම්බන්ධව වැඩ කෙරෙන අතර, මෙම සයිබර් ප්‍රහාරයේදී එසේ අන්තර්ජාලය හා සම්බන්ධ වූ නිවෙස්වල ඇති උපාංග එකී ප්‍රහාරය සඳහා හැකර්වරුන් මූලික කරගෙන ඇත.