ඉදිරි දිනවලදී දිවයින හරහා අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සමග සුළං ඇතිවීමේ හැකියාවක්ද පවතියි.
මේ අතර හෙට (22දා) දිනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව නිකුත් කළ අනාවැකියේ දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත් යාපනය, මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවේයැයි එම නිවේදනයේ වෙයි.
එසේම නැගෙනහිර හා ඌව පළාත්වල සමහර ස්ථානවලට තරමක් තද වැසි (මිලි මීටර් 50-75 පමණ) ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වෙයි.