ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙළුම් පොහොට්ටුව යටතේ තරග කරන බව එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
ජනාධිපති මැතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ආදී සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙළුම් පොහොට්ටු යටතේ තරග කරන බවත් ඒ සඳහා එක්වන ඕනෑම අයෙකුට ඒ සඳහා එකඟතාවට එළඹිය යුතු බවද කිසිදු ආකාරයෙන් එම පක්ෂය දියාරු කිරීමට ඉඩ ලබා නොදෙන බවද සභාපතිවරයා පැවසීය.
එකම නායකත්වය යටතේ තම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගත යුතු බවත් ඒ ඕනෑම කෙනෙකුට එහි දොරටු විවෘත බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.
මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර අඹගස්වැවේ රාහුල නාහිමියන් බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ මේ බව සඳහන් කළේය.