එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ඉදිරි වසර පහ තුල රැකියා දස ලක්ෂයක් මෙරට තරුණ තරුණියන්ට ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ජනතාව රජ කරන අනාගතයක් රට තුළ ගොඩනැගීම සිදුකරන බව හෙතෙම පැවසුයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සරසවි යොවුන් පෙරමුණේ නියෝජිතයන්ගේ හමුවකට අද (07) එක්වෙමිනි.