රට සැමදා ජයග්‍රහණ ලැබුවේ කෘෂිකාර්මික පදනමින් කරනු ලැබූ කාර්යයන් තුළ බවත් මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් ඇති කරමින් තවත් දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක කටයුතු ඉදිරි මාස කිහිපය තුළදී ආරම්භ කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ය.
මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් දෙස් විදෙස් මූල්‍ය ප්‍රතිපාදන යටතේ රජය මේ වන විට නව වාරි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙන අතර පසුබෑමට ලක්ව තිබු ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීමට ද කටයුතු කර තිබෙන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මහවැලි ඉංජිනේරු සංගමයේ දායකත්වය ද අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ගේ දීර්ඝ කාලීන ගැටලූවක් වූ වැටුප් පිලිබඳ ගැටලූව නිරාකරණය කිරීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
ඊයේ (28දා) කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි උපදේශක ශ්‍රවණාගාරයේ පැවති මහවැලි ඉංජිනේරු සංගමයේ 30 වෙනි වාර්ෂික සම්මේලනය අමතමිනි.