බිරිඳගේ විදේශ ගමන් බලපත්‍රය ගැන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාගෙන් අද (20දා) ප්‍රශ්න කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අදහස් දැක්වූ ඒ මහතා,
‘‘බිරිඳගේ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව මගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය යැයි කියා තමයි රහස් පොලිසියේ මහත්තුරු මේ ස්ථානයට එන්න කිව්වේ. ඔවුන් ඒ පිළිබඳව කරුණු විමසුවා. ඒ අනුව මා ලබාදුන් ප්‍රකාශය සටහන් කරනු ලැබුවා. අදට එම කටයුතු අවසන් වූවා. ඉදිරියේදී ඔවුන් ගන්න පියවර පිළිබඳව මා දන්නේ නැහැ’’ යනුවෙන් පවසා සිටියේය.