විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් සමග සාකච්ඡාකර ලබන සඳුදා (04දා) වැට් බද්ද නව සංශෝධනය යටතේ ඉදිරිපත් කරන බවත්, වාහන බලපත්ර හිමිවිය යුතු රජයේ සියලු සේවකයන්ට අලුතෙන් ලබාදෙන බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කළේය.
එසේම ඉදිරි පැය කිහිපය තුළදී නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කරන බවත් ජනාධිපතිවරයා පැවැසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ගිරාඳුරුකෝට්ටේ මහවැලි ක්රීඩාංගණයේ පැවැති බදුල්ල දිස්ත්රික් වකුගඩු රෝගී නිවාරණ ජාතික වැඩසටහන අමතමිනි.