ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ, විශේෂයෙන් නිරිතදිග කොටසේ, වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, වයඹ පළාතටද මෙම වැසි පැතිර යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී අනෙක් පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
මධ්‍යම කදුකරයේ සහ දිවයිනට දකුණු සහ නිරිත දෙසින් වන මුහුදුවල විටින් විට තද සුළං (පැ.කි.මී. 60 දක්වා) බලාපොරොත්තුවිය හැකි බවද පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

