දිවයින ආසන්නයේ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේ වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ පළාත්වල විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත්, සමහර ස්ථානවලට තද වැසි (මිලී මීටර් 100 ට වඩා වැඩි ) ඇතිවීමටද ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි බලාපොරොත්තු විය හැකි බව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.