ගෝලීය ණය ප්‍රමාණය ඇ.ඩො.ට්‍රිලියන 152ක් දක්වා, ලෝක දළ දේශීය නිෂ්පාදනයෙන් 225% ක් ලෙස අති විශාල ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බවත්, මෙය ගෝලීය ආර්ථික අවපාතයක් වෙත නැඹුරු වීමක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවයි.
මේ ආකාරයෙන් ගෝලීය ණය ප්‍රමාණය ලෝක දළ දේශීය නිෂ්පාදනයෙන් 225% ක් ලෙස ඉතිහාසයේ වැඩිම ඉහළ යෑමක් වාර්තා කළ ප්‍රථම අවස්ථාව මෙය බවත්, මීට පෙර 2002 වසරේදී එය 200% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම අරමුදල පෙන්වා දෙයි.
විශේෂයෙන්ම සංවර්ධිත හා නැගී එන රටවල පවතින ප්‍රමාණය ඉක්මවූ පෞද්ගලික අංශයේ ණය වර්ධනයද මෙම මූල්‍ය අර්බුදය හා බැඳී පවතින බවත් එම අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙයි.