ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුරු විද්‍යාල සංස්කෘතික උත්සවය සඳහා ගුරු සිසුන්ගෙන් මුදල් එකතු කිරීම නිසා විද්‍යාපීඨ 19ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැඩි අසරණ තත්ත්වයකට පත්වී තිබේ.
විද්‍යාපීඨ උත්සව සඳහා අවශ්‍ය මුදල් විද්‍යා පීඨවල පවතින ක්‍රීඩා හා සුභසාධක ගිණුමෙන් මෙතෙක් ලබාගැනීම සිදුකර තිබේ.
එහෙත් එම ගිණුමෙන් මුදල් ලබා නොගෙන මේ මස 29 වැනිදා පැවැත්වෙන අන්තර් විද්‍යා පීඨ උත්සවය සඳහා එක් විද්‍යා පීඨයකින් රුපියල් පනස් දහස බැගින් විද්‍යා පීඨ 19න් ලක්ෂ 09ක් සොයා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නියෝග කර තිබෙන බව ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සඳහන් කරති.