ඉතාලියේ මෙසිනා නගරයේ සේවය කළ ලාංකික කාන්තාවක් පසුගියදා ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. වෙන්නප්පුව බෝලවත්ත කම්මල ප්‍රදේශයේ පදිංචි හිමාලි භද්‍ර සමරසේකර (30) නැමැත්තියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ඇය නවාතැන් ගෙන සිටි නිවසේදී එලෙස ගෙල වැළලාගෙන සිටියදී ඇයගේ ඥාතීන් විසින් ඇය රෝහල් ගත කර ඇති අතර ඒ වනවිටත් කාන්තාව මියගොස් සිට ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ. මෙසිනා නාගරික පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
නයිනමඩම - චන්දන ප්‍රනාන්දු