ඉතා ඉක්මනින්ම දිවයිනට පැමිණ යළිත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමට බලාපොරොත්තු වන බව රෝගාතුරව දැනට එංගලන්තයේ ප්‍රතිකාර ලබන ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා සිය හිතවතුන්ට පවසා තිබේ.
පසුගිය දිනවල තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිර යාම සම්බන්ධව කනගාටුවට පත්වන බවද ගුණවර්ධන මහතා කියා තිබේ.
මේ අතර ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කළේ තමා සහ ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය එංගලන්තයේ සිදුකළ දෙදින සංචාරය අතරතුර ඉඩම් ඇමතිවරයාගේ සුවදුක් බැලීමටද ගිය බවයි.
එහිදී ගුණවර්ධන මහතා සමග සුහද පිළිසඳරක යෙදුණු බවත්, ඉතා ඉක්මනින්ම දිවයිනට පැමිණ යළිත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන බවට ශ්‍රී ලාංකිකයන් වෙත දැනුම්දෙන්නැයි ඒ මහතා ඉල්ලා සිටි බවත් දයා ගමගේ මහතා පවසා සිටියේය.