ජා-ඇළ ප්රදේශයේ ඉඩම් ගොඩකිරීමේ මාෆියාවක් ක්රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
ජා-ඇළ හිරිඇල්ල, ප්රදේශයේ අනවසරයෙන් ඉඩම් ගොඩකරන ස්ථානයක නිරීක්ෂණ චාරිකාවට අද(17) එක්වෙමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කළේය.
ප්රදේශයේ විශාල භුමි ප්රදේශයක් මේ වන විට අනවසරයෙන් ගොඩකර ඇති බවද මේ හේතුවෙන් තම නිවාස සුළු වැසි තත්ත්වයකදී පවා යටවීමේ අවධානමක් මතුව ඇති බවද අවට ප්රදේශවාසීන්ද මෙහිදී පැවසීය.