ඉඩම් සන්තකය හෝ අයිතිය සම්බන්ධ ආරවුල් විසදීම පිළිබඳව සමථ මණ්ඩල පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ. මෙය ක්රියාත්මක කෙරෙන්නේ 2003 අංක 21 දරණ සමථ මණ්ඩල පනතේ දෙවන වගන්තිය යටතේයි. ඒ අනුව මුලික වශයෙන් දිස්ත්රික්ක 5ක සමථ මණ්ඩල පිහිටුවීමට අපේක්ෂා කෙරේ. ඒ අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය, ත්රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්රික්ක තුළයි.
සමථ මණ්ඩල කොමිෂන් සභාව මගින් සිදුකරන මෙම නව වැඩපිළිවෙළ සඳහා සමථකරුවන් පත්කිරිමට නාමයෝජනා කැඳවා තිබේ. එම නාමයෝජනා ප්රාදේශිය ලේකම්වරුන් හරහා, අධිකරණ අමාත්යංශය යටතේ ක්රියාත්මක වන සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත ලබාදිය යුතුය.