සිංගප්පූරු නැව වෙනුවෙන් දිනකට ඩොලර් 12,000 ක්
බොරතෙල් ඉක්මනින් ගොඩබෑමට මෙරටට පැමිණ තිබෙන සිංගප්පූරු සමාගමකින් බදු ක්රමය යටතේ ලබාගත් නැව මගින් මෙතෙක් බොරතෙල් කඳුළක් හෝ ගොඩබෑමට කටයුතු කර නොමැති බවත්, එහෙත් එම නැව වෙනුවෙන් තෙල් සංස්ථාව දිනකට ඩොලර් 12,000ක මුදලක් ලබාදෙන බවත්, ඛනිජ තෙල් ජාතික සේවක සංගමය සඳහන් කරයි.
නැවකින් නැවකට බොරතෙල් ගොඩබෑමේ ක්රමය ක්රියාත්මක කිරීමට මෙම නැව ලබාගත්තේ ජුනි මස 12 වැනිදා බවත්, මේ අනුව දින 12 ක කාලයක් එම නැව වෙනුවෙන් රුපියල් එක්කෝටි අසූපන් ලක්ෂ හැත්තෑහය දහසක මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවද එම සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.