ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන අධිවේගී මාර්ගයක ඉන්ධන බවුසරයක් හා බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, මියගිය පිරිස තවත් වැඩිවිය හැකි බවත් එරට මාධ්‍ය පවසයි.
කාබුල් අගනගරය හා දකුණුදිග කන්දහාර් යන නගර යා කරන අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරත් සමග සියලුම වාහන ගිනිගෙන ඇති අතර, තෙල් බවුසරය නිසා ගින්න වහා පැතිර ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
පාකිස්තානයේ මාර්ග පද්ධතියේ පවතින දුර්වලතා හේතුවෙන් මෙවැනි අනතුරු එරට තුළ සාමාන්‍ය දෙයක් බව විදෙස් වාර්තා පවසයි.