රත්නපුර දිස්ත්‍රික්කයට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඇහැළියගොඩ හා අයගම කඳු ආශ්රිත ප්‍රදේශවල පදිංචිව සිටිනා ජනතාව ඉවත් කිරීමට තීරණය කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
කඳු නාය යෑමේ හා ජල ගැලීම අවදානම් මතු වීම නිා මෙලෙස ජනතාව ඉවත් කරන බව එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.
මීට අමතරව අවිස්සාවෙල්ල - කොළඹ මාර්ගය පුවක්පිටිය ප්‍රදේශය ජලයෙන් යටවි ඇති නිසා වාහන ගමනා ගමනයට බාධා එල්ල වි තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ අතුු මාර්ග කිහිපයක්ද ජලයෙන් යටවි තිබේ.