ඇස් දන්දීම අඩු නිසා ඇස් දන් දෙන්න පොරොන්දු වුණා
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් සහ කොළඹ දිසා සංවිධායකවරුන් පිරිසක් කොළඹ 07, දොස්තර හඩ්සන්ද සිල්වා අක්ෂිදාන මූලස්ථානයේදී ඇස් සහ සිරුරේ කොටස් දන්දීමේ පොරොන්දු පත්වලට අද (11දා) අත්සන් තැබූහ.
ඇස් දන්දීමේ ප්‍රවණතාවෙහි අඩුවක් ඇතිවී තිබෙනබවත්, එමපුණ්යකටයුත්ත යළිත් සමාජගත කිරීමේ අරමුණින් මෙසේ ඇස් දන්දීමට තීරණය කළ බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය.
“ශ්‍රී ලංකා අක්ෂිදාන මූලස්ථානයට ඇස් සහ ශරීර කොටස් මෙම සංගමයට දන්දීලා සිරුර ඉවත් වුණත් සිරුර ජීවත් කිරීමේ අවස්ථාව තියෙනවා කියන එකත් තමන්ට හානියක් නොවී තමන්ගේ මරණයෙන් පස්සේ දානමය පිංකම කරන්න පුළුවන් කියන පණිවුඩයත් රටට ලබාදෙන්න අපි අවේ.
අපි අහලා තියෙනවා බෝසතාණන් වහන්සේ බුදුබව පතා ඇස් ඉස් මස් දන් දුන්නා කියලා.අපේ රටේ අදත් නිරන්තරයෙන් ලේ, වකුගඩු දන් දෙනවා.නමුත් ඇස් දන් දීමේ ප්‍රවණතාවෙහි අඩුවක් ඇතිවී තිබෙන ආකාරය දුටු නිසයි එය යළිත් සමාජගත කිරීමේ අරමුණින් අක්ෂිදාන සංගමයට ඇස් ඇතුළු සිරුරේ පටක කොටස් දන්දීම සඳහා පැමිණියේ.
මේ ගැන උනන්දුවක් දක්වන අයට කියන්නේ තමන්ට හානියක් නොවී මේ පිංකම කරන්න පුළුවන්. කෙනෙක් මියගියොත් පැය හතරක් ඇතුළත ඇස් දෙක ලබාගත යුතු නිසා අක්ෂිදාන සංගමය නිකුත් කළ කහපාට කාඩ්පතක් තිබේනම් වහාම සංගමයට දැනුම් දෙන්න.එහෙම වුණොත් විතරයි එම දානමය පිංකම පලසහිත වෙන්නේ"යනුවෙන් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


