විශ්‍රාමික අබාධිත හමුදා නිලධාරීන් පිරිසක් විසින් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව අතරතුරදී ඇතිවූ සිදුවීමෙන් ඇසක් තුවාල වූ ආබාධිත සෙබළාට අවශ්‍යනම් විදෙස් ප්‍රතිකාර පවා ලබාදීමට සූදානම් බව යුද හමුදා මාධ්‍ය අංශය නිවේදනය කරයි.
නොවැම්බර් 07දා මෙම සිදුවීම සිදු වූ අතර, ඔහුට යුද හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබාදුන් බවද එම නිවේදනයේ වෙයි.
එසේම ලාන්ස් කෝප්රල් වයි.කේ.ඩී.එන්. මිහිරාජ් නම් තුවාල ලැබූ හමුදා නිලධාරියාට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව ඔහුට අවශ්‍ය ප්‍රතිකාර විදෙස් රටකදී වුවද ලබාදීමට යුද හමුදාව කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.