පාවෙන අවි ගබඩා සිද්ධියට අදාළව විදේශගත වීම තහනම් කරමින් ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට එරෙහිව පනවා තිබූ තහනම කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් ඊයේ (22දා) තාවකාලිකව අත්හිටුවන ලදී.
ඊයේ (22දා) සිට ලබන සැප්තැම්බර් 21 වැනිදා දක්වා මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරිණි.
ව්යාපාරික කටයුතු අඩපණවීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙස ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා එලෙස නියම කළේය.