(UPDATE) නීති විරෝධී ගිනි අවි ලංකාවට ආනයනය කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා තුනක් යටතේ අත්අඩංගුවට ගත් ඇවන්ට් ගාඩ් නෞකාවේ කපිතාන් යුක්රේන නැව්රිලෝ ජෙනෙඩි මහතා එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකා තිලක මෙනෙවිය නියෝග කළාය.
ඇවන්ට් ගාඩ් නෞව්කාව සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශන වලට අදාළව ඇවන්ට් ගාඩ් නෞකාවේ කපිතාන්, යුක්රේන ජාතික නැව්රිලෝ ජෙනඩි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
නීති විරෝධිව ගිනි අවි ශි‍්‍ර ලංකාවට ආනයනය කිරිම, නිත්‍යානූකූල බලපත්‍ර රහිතව ගිනි අවි සන්තකයේ තබා ගැනීම, නිත්‍යානූකූල බලපත්‍රයක් රහිතව පුපුරණ ද්‍රව්‍ය (පතොරොම්) සන්තකව තබා ගැනිම යන චෝදනා කපිතාන්වරයාට එල්ල කර තිබේ.
ඔහු ගාලු වරායේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (24දා) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය පවසයි.