අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඇවන්ගාඩ් සභාපතිවරයා හා මේජර් ජනරාල්වරයා මුදල් හා ශරීර ඇප මත මුදාහැරී බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
අල්ලස් ලබාදීම හා අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා රුපියල් මිලියන 10 ඇප දෙකක් මත මුදාහැරි බවද එම කොමිසමේ විමර්ශන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් හා රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරි බවද පවසා සිටියේය.