පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා අද (07දා)බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටි අතර, කොමිසමේ විමර්ශන නිලධාරීන් ඔහුගෙන් පැය හතරක පමණ කාලයක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්හ.
කොමිසම හමුවේ පෙනී සිට එහි විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශ ලබාදෙන ලෙස දැනුම් දෙමින් කොමිසම නිකුත් කළ නොතීසිය බාර දීම සඳහා කොමිසමේ නිලධාරීන් දින කිහිපයක්ම ඔහු සෙවූ නමුත් ඒ මහතා සොයාගැනීමට නොහැකි විය.
ඒ බව කොමිසමට දැනුම් දීමෙන් අනතුරුව ඔහු අද (07දා)දින කොමිසමට ඉදිරිපත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතාට දැනුම් දුන් අතර, ඒ අනුව ඇලෝසියස් මහතා කොමිසමට ඉදිරිපත් විය.
නීතිඥ ජීවන්ත ජයතිලක මහතා සමග ඊ උදෑසන 9.30ට පමණ අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසමට පැමිණි අතර, කොමිසමේ විමර්ශන නිලධාරීන් දහවල් 1.30 පමණ වනතුරු පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගත්හ.